2023 සැප්‍තැම්‍බර් 05, ප.ව. 1:05
            
2023 උසස් පෙළ විභාගය දැනට නියමිත පරිදි නොවැම්බර් මාසයේ පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් උසස් පෙළ විභාගය කල්දමන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්.
මාස 6 කට පෙර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය ප්‍රකාශ කළ බවත්, දෙමාපියන් සහ දරුවන් බහුතරයක් කඩිනමින් විභාගය පවත්වන ලෙස ඉල්ලා සිටින බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වාදුන්නා.
ඔහු තවදුරටත් පැවසුවේ, උසස් පෙළ විභාගය කල්දැමුවහොත් මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය කල්දැමීමට සිදුවන බවත්, 2024 වසර තුළදී විෂය නිර්දේශය ආවරණය කර අවසන් කිරීමට නොහැකි වන බවයි.
එමෙන්ම, සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අවධාරණය කළේ, දැනට විෂය නිර්දේශ ආවරණය අවසන් කර සිසුන් විභාගයට සුදානමින් සිටින නිසා උසස් පෙළ විභාගය කල්දැමීමෙන් එම සිසුන් ඇතුළු පාසල් සිසුන් සමස්තයට අසාධාරණයක් වන බවයි.
                                                        2025 නොවැම්බර් 04, ප.ව. 2:50
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:07
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25