2026 නොවැම්බර් 30, පෙ.ව. 12:05
2025 – 2026 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් බදු වාර්තා ගොනුකිරීමේ අවසන් දිනය ලෙස නියමිතව තිබූ 2026 නොවැම්බර් (30) වන දින වෙනුවට, එළඹෙන දෙසැම්බර් මස (14) වන දින දක්වා සහන කාලයක් ලබාදීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
මෙවර ප්‍රථම වරට බදු වාර්තා ගොනුකරන සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන අතර ඒ හේතුවෙන් නොවැම්බර් මාසය තුළ දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) වෙත දැඩි පීඩනයක් එල්ල වී පද්ධතියේ තදබදයක් හටගෙන ඇත.
මෙම පද්ධතිමය ප්‍රමාදයන් නිසා බදු ගෙවන්නන්ට සහ ඔවුන්ගේ නියෝජිතයන්ට නියමිත දිනට පෙර වාර්තා ඉදිරිපත් කිරීමට අපහසුතා මතු වී තිබීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව 2026 දෙසැම්බර් මස (14) වන දින හෝ ඊට පෙර සිය බදු වාර්තා ගොනු කරනු ලබන බදු ගෙවන්නන් සඳහා දණ්ඩන පැනවීම්, පැහැර හරින ලද තක්සේරු නිකුත් කිරීම් හෝ පනත යටතේ වන වෙනත් නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
වාර්ෂිකව බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යන බැවින්, ඉදිරි වර්ෂවලදී නියමිත අවසන් දිනට පෙර හැකි ඉක්මනින් සිය බදු වාර්තා ගොනු කිරීමට කටයුතු කරන ලෙසත් ලැබී ඇති මෙම සහන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
2026 නොවැම්බර් 30, පෙ.ව. 12:22
2026 නොවැම්බර් 30, පෙ.ව. 12:20
2026 නොවැම්බර් 30, පෙ.ව. 12:16
2026 නොවැම්බර් 30, පෙ.ව. 12:15
2026 නොවැම්බර් 30, පෙ.ව. 12:12
30-11-26
30-11-26
30-11-26
30-11-26
30-11-26
30-11-26
30-11-26
30-11-26
29-11-26
29-11-26
29-11-26
29-11-26
27-11-26
27-11-26
27-11-26
27-11-26
27-11-26
27-11-26
26-11-26
26-11-26
25-11-26
25-11-26
25-11-26
25-11-26