hit counter

2026 නොවැම්‍බර් මස 29 වන ඉරිදා

2026 නොවැම්‍බර් 30, පෙ.ව. 12:02



තිරිගු පිටි කිලෝවක මිල ඉහළ දැමිමත් සමග දිවයින පුරා තිරිගු පිටි අලෙවිය පහළ බැස ඇති බව තිරිගු පිටි සමාගම් පවසයි.

තිරිගු පිටි කිලෝවක් රු.220න් ඉහළ විවිධ මිල ගණන් යටතේ අලෙවි කරන බවත්, එම මිලට පහළින් දේශීය වෙළදපොලේ සහල් කිලෝවක් මිලදී ගැනීමට ඇති හැකියාව හමුවේ තිරිගු පිටි සදහා පාරිභොගිකයන්ගෙන් පැවති ඉල්ලුම පහළ ගොස් ඇති බවයි එම සමාගමේ නිළධාරියෙකු කියා සිටියේ.

තිරිගු පිටි මිල ඉහළ යෑම නිසා බේකරි නිෂ්පාදකයන්ද තම නිෂ්පාදන අලෙවිය පහළ වැටී ඇති බවට ප්‍රාදේශිය අලෙවි කළමණාකරුවන් හරහා තම සමාගම වෙත දැනුම් දී ඇති බවද එම නිළධාරියා පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: