hit counter

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2022 ජූලි 18, පෙ.ව. 8:57



ඉන්ධන සැපයීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස ජංගම ඉන්ධනහලක් හඳුන්වා දීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේ දී මෙම ජංගම ඉන්ධන හල් මගින් ත්‍රීරෝද රථ, යතුරුපැදි සහ කෑන් වෙත ඉන්ධන නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ.

මෙය දිවයින පුරා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.