hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2024 නොවැම්‍බර් 06, පෙ.ව. 12:04



මේ වන විට රුපියල් 25,000ක මහ කන්නය සඳහා ලබා දෙන පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු ආරම්භ වී ඇත.

ඒ බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ.පී. රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.

ඒ අනුව ඔහු පැවසුවේ එහි ප්‍රථම අදියර යටතේ ගොවීන්ට රුපියල් 15,000 බැගින් ලබා දීමට පියවර ගෙන ඇති බවය.

එහි මුල් අදියර යටතේ අම්පාර සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ගොවීන් 670 නියෝජනය කරමින් හෙක්ටයාර් 630ක් සඳහා රුපියල් මිලියන 9.5ක් නිකුත් කර තිබෙනවා.

එහි දෙවන අදියරේ දී රුපියල් මිලයන 46.5ක් දිස්ත්‍රික්ක 12ක ගොවීන් 4,475ක් වෙනුවෙන් ද තුන්වන අදියරේදී රුපියල් මිලියන 57.5ක් දිස්ත්‍රික්ක 12ක ගොවීන් 4,219කටද සිව්වන අදියරේදී රුපියල් මිලියන 47.7ක් දිස්ත්‍රික්ක 12ක ගොවීන් 4,804ක් වෙනුවෙන් ද නිකුත් කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: