hit counter

2025 ජනවාරි මස 14 වන අඟහරුවාදා

2024 නොවැම්‍බර් 22, පෙ.ව. 9:07



අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල ජීවත්වන වයස අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන්ගේ දීමනාව මේ මස සිට එම පවුල්වලට හිමි අස්වැසුම බැංකු ගිණුමට බැර කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව, අද සිට රුපියල් 3000ක් වූ වැඩිහිටි දීමනාව අදාළ පුද්ගලයින්ට එම ගිණුම්වලින් ලබාගැනීමට හැකියාව පවතී.

අස්වැසුම ප්‍රතිලාභී නොවන අවුරුදු 70 ට වැඩි දැනටමත් එම දීමනාව ලබන අනිකුත් වැඩිහිටියන් සදහා එම දීමනාව පැවති ක්‍රමය අනුව අඛණ්ඩව තැපැල් කාර්යාල මගින් ලබාගත හැකි බවද දැනුම්දෙනු ලබයි.

අස්වැසුම යෝජනා ක්‍රමය යටතේ වැඩිහිටියන් පන් ලක්ෂ 11, 086 දෙනෙකු සදහා රජය මෙලෙස ප්‍රතිපාදන සපයනු ලැබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: