2024 ජනවාරි 24, පෙ.ව. 12:04
පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම සේවක වැටුප රුපියල් 12,500 සිට රුපියල් 21,000ක් දක්වා වැඩි කිරීමට යෝජනා වී තිබෙනවා.
අදාළ යෝජනාව කම්කරු අමාත්‍යංශයෙන් ලැබී තිබෙන බවයි, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ නිලධාරින් විසින් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව, විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත දන්වා තිබුණේ.
ඉකුත් 12 වැනි දා එම කාරක සභාව රැස් වූ අතර ඒ වෙත කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ හා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් පිරිසක් කැඳවා තිබුණා.
මෙහි දී වර්තමානය වනවිට පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් පිළිබඳ ගැටලුව දැඩිව මතුව ඇති බව කාරක සභා සභාපතිවරයා පවසා තිබූ අතර එම අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහි කම්කරු අමාත්‍යංශයේ මැදිහත්වීම කුමනාකාරයෙන් සිදුවේ ද යන්න පිළිබඳව කාරක සභාව විමසූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එහි දී, පෞද්ගලික අංශයේ වැටුප් ලබන සේවකයින්ගෙන් මිලියන 3ක පමණ සංඛාවක් පමණක් කම්කරු නීතිය යටතට ගැනෙන බව කම්කරු අමාත්‍යාංශ නිලධාරීහු එහි දී පවසා තිබුණු අතර, දැනට රුපියල් 12,500ක් වූ පෞද්ගලික අංශයේ අවම සේවක වැටුප රුපියල් 21,000ක් දක්වා වැඩි කිරීමට කම්කරු අමාත්‍යංශයෙන් යෝජනා තිබෙන බව ද එම නිලධාරීන් වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා තිබෙනවා.
එමෙන් ම වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1,000 සිට 1,700 දක්වා වැඩි කිරීමටද කම්කරු අමාත්‍යාංශයෙන් යෝජනා කර ඇති බව අදාළ නිලධාරීන් විසින් කාරක සභාවට දැන් වූ බව ද පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
2025 මැයි 09, පෙ.ව. 10:44
2025 මැයි 09, පෙ.ව. 12:27
2025 මැයි 09, පෙ.ව. 12:25
2025 මැයි 09, පෙ.ව. 12:23
2025 මැයි 09, පෙ.ව. 12:23
08-05-25
08-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25