hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 21, ප.ව. 2:11



තම දෛනික වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා වතු සේවකයින් හෙට (22) දිනයේ සිට වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වනවා.

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පැවසුවේ, එම වැඩ වර්ජනයට දමිළ ප්‍රගතිශීලි සන්ධානය පුර්ණ සහයෝගය ලබාදෙන බවයි.

වතු සේවකයින් ගේ දෛනික වැටුප රු 1,700 දක්වා වැඩි කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තේ වතු සමාගම්වලට උපදෙස් ලබා දී තිබිය දී එම වැටුප ලබාදිමට වතු සමාගම් එකඟතාවය පළ නොකිරිමට විරෝධය පළ කරමින් වැඩවර්ජනය සිදුකරන බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: