hit counter

2026 අප්‍රේල් මස 14 වන අඟහරුවාදා

2026 අප්‍රේල් 13, පෙ.ව. 12:04



වර්තමාන ආණ්ඩුව බලයට පැමිණ කිසිදු බද්දක් අලුත් නොගැසූ බවත් කිසිදු බද්දක් වැඩි නොකළ බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික පවසයි.

මෙම වසර එකහමාර හිටපු පාලකයන් බලයේ සිටියේ නම් විදේශ සංචිතය ඩොලර් බිලියන 7.1 හෝ රුපියල් ට්‍රිලියනයක සංචිත ගොඩනගාගත නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.

අර්බුද දෙකකට මුහුණ දී විපක්ෂයටද රටේ සිටිය හැකි ආකාරයට අර්බුද කළමනාකරණය පිළිබඳ ඔවුන් ආණ්ඩුවට ස්තූතිවන්ත විය යුතු බවද නජිත් ඉන්දික ප්‍රකාශ කරයි.

සිරස නාලිකාවේ වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: