hit counter

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2025 පෙබරවාරි 24, ප.ව. 4:03



අරගලයට ගහන වෙලාවේ අපේ නායකතුමාලා කට්ටිය එහි ගියා නම් අද ආණ්ඩුව අපේ වෙන්නත් තිබුණා යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

තමන් යමු කියපු වෙලාවේ ඔවුන් නොපැමිණි බවද නලීන් බණ්ඩාර මහතා කීය.

“මට මතකයි අරගලය වෙලාවේ , අරගලයට ගහන කොට මුජුබර් සහ මම කලින් ගිහින් එතන හිටියා. අපි කියපු වෙලාවේ අපේ නායකතුමාලා කට්ටිය එහි ගියා නම් අද ආණ්ඩුව අපේ වෙන්නත් තිබුණා.නේද මුජිබර් මන්ත්‍රීතුමනි, අපි කියපු වෙලාවේ ඔවුන් ගියේ නෑ.” යනුවෙන් නලීන් බණ්ඩාර මහතා කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: