hit counter

2025 මාර්තු මස 19 වන බදාදා

2025 මාර්තු 20, පෙ.ව. 12:13



පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ බිරිඳ හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ සැපයීමේ කටයුතුවලට බාධාවක් වීමට ඉඩ නොතබන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ නිවාඩු ලබාගෙන දින ගණනාවක් සේවයට වාර්තා නොකිරීම මත ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු මේ බව පැවසුවේය.

“ඇය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරිනියක ලෙස වරෙක නිවාඩු ලබා ගත්තා. ඇය සේවයට වාර්තා කර යළිත් නිවාඩු ලබාගෙන තිබෙනවා. මේ තිබෙන ක්‍රමවේදයේ හැටියට ඇයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බෑ. ඇයගේ නොපැමිණීම නිසා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කටයුතුවලට බාධා නොවන පරිදි වැඩ බැලීමට නීති නිලධාරිනියක් යොදවා කටයුතු කරගෙන යනවා. ඒ නිසා ඖෂධ සැපයීමට දේශබන්දුගේ බිරිඳ නිසා බාධාවක් වීමට ඉඩ තබන්නේ නෑ’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: