hit counter

2025 ජනවාරි මස 31 වන සිකුරාදා

2025 ජනවාරි 31, පෙ.ව. 12:05



‘ආණ්ඩුව වෙනස් වුණට හිතූ පැතූ සම්පත් පහළ වෙන්නෙ නෑ’ යයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා පවසයි.

වර්තමානයේ මෙරට වටිනාම සම්පත මානව සම්පත බැවින් එම මානව සම්පතෙහි ගුණාත්මකභාවය වැඩිදියුණූ කිරීමට සහ ප්‍රවර්ධනයට රජය ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කරනු ලැබුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනය වාර්ෂිකව පවත්වනු ලබන ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

“අපේ රටට ඉදිරියට යන්න තිබෙන මාර්ගය තමයි මේක. ආණ්ඩු වෙනස් වුණායි කියලා අපිට හිතූ පැතූ සම්පත් පහළ වෙන්නෙ නැහැ.

හැබැයි අපට තියෙන වටිනාම සම්පත මේ මානව සම්පත. එහෙම නම් මෙන්න මේ මානව සම්පතේ තියෙන ගුණය, ඒ ගුණාත්මකභාවය වර්ධනය කරගැනීමට තමයි අපි සමස්තයක් හැටියට වැඩිපුරම අවධානය යොමුකරන්න ඕනා.

අපි විශේෂයෙන්ම මේ අලුත් ආණ්ඩුව හැටියට අපේ ප්‍රමුඛතාව ලබාදීලා තිබෙන්නෙ මේ මානව සම්පතේ ප්‍රවර්ධනයට. එනිසා අපි අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් සැලකිය යුතු බර තැබීමක් කරනවා.”

ගුණාත්මක අධ්‍යාපනයක් මෙන්ම විධිමත් සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට වර්තමාන රජය කටයුතු කරන බව ද පැවසූ අමාත්‍යවරයා එහිදී නව පර්යේෂණ සහ සංවර්ධන විය යුතු ක්ෂේත්‍ර පිළීබද විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කිරීමට සැළසුම් සකස් කරමින් සිටින බව ද  සදහන් කරන ලදි. තව ද සෞඛ්‍ය සේවාවේ මෙන්ම අනෙකුත් ක්ෂේත්‍රවල  සිදු කරනු ලබන සියළුම  පර්යේෂණ සහ වැඩසටහන් ජාතික සංවර්ධන සැළැස්මට අනුගත විය යුතු බව ද අවධාරණය කරන ලදි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: