hit counter

2026 අප්‍රේල් මස 17 වන සිකුරාදා

2026 අප්‍රේල් 17, ප.ව. 5:57



ගල්අඟුරු ආනයනයේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සෙවීමට පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ස්වාධීනත්වය වෙනුවෙන් මේ වනවිටත් විෂයභාර අමාත්‍ය කුමාර ජයකොඩි මහතා  සහ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා සිය ධුරවලින් ඉල්ලා අස්වී ඇති බවත්, අනෙකුත් නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරි තීන්දු ගනු ලබන්නේ විමර්ශන ක්‍රියාවලිය සිදුවන ආකාරය අනුව බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් ඉල්ලා අස්වන්නේ දැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පැවති විශේෂ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මේ මොහොතේ අනෙකුත් නිලධාරීන් ඉල්ලා අස්විය යුතු බවට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා පෙන්වා දුන්නේ, විමර්ශන කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ගල්අඟුරු සමාගමේ කටයුතු සිදුවන බවයි.

ඒ අනුව කිසිදු ගැටලුවක් සිදු නොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: