hit counter

2025 ජනවාරි මස 10 වන සිකුරාදා

2025 ජනවාරි 10, ප.ව. 2:40



ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අද (10) පාර්ලිමේන්තුව අමතමින් නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ එම උත්සවය සඳහා ගෙවීම් ලෙස අනුමැතිය ලැබී ඇත්තේ ලක්ෂ 9කට පමණක් බවයි.  

එම ගෙවීමද තවම සිදු කර නොමැති බව අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

චාමර සම්පත් මන්ත්‍රීවරයා මෙහිදී මෙම උත්සවය සඳහා සම්ප්‍රදායික ලෙස කැඳවූ ‘quotation’ සමඟ එහි වියදම් වාර්තාව පටලවාගෙන ඇති බවත් ඔහු ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛන සියල්ලම අසත්‍ය බවත් නලින්ද ජයතිස්ස මහතා තවදුරටත් අවධාරණය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: