2026 ජූනි 26, පෙ.ව. 12:16
ආණ්ඩුවේ අකාර්යක්ෂතාවට විරුද්ධව පාරට බසින ගොවියාට, දිට්වා කුණාටුවේ වින්දිතයාට පමණක් නොව වෛද්‍යවරුන්ට පවා ආණ්ඩුව හොර ලේබලය අලවමින් නින්දා කරමින් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
“අණපනත්, නීතිරීති ගෙන ඒම හොඳයි. හැබැයි ඉතින් ගරු සභාපතිතුමා, ඒ නීති ක්‍රියාත්මක කරන ආකාරය තමයි ප්‍රශ්නයකට තියෙන්නෙ. අද ආණ්ඩුවට හිතවත් අයට අක්කර ගණන් සුද්ද කරන්න පුළුවන්. හැබැයි ඉතින් සාමාන්‍ය මනුස්සයෙක් වැසිකිළි වළක් හදාගන්න ගියොත්, අත්තිවාරමක් දාන්න ගියොත් සියලු නීතිරීති ක්‍රියාත්මකයි.
අද ඩෙංගු රෝගීන් හැමතැනම. පහුගිය දිනක මේ කොළඹ අවට ප්‍රදේශක රෝගියෙක් හම්බුනාම, ප්‍රාදේශීය සභාවට කතා කරලා දුම් ගහන්න කිව්වම මොකක්ද කිව්වේ? අඩුම ගානේ රෝගීන් දහයක්වත් ඉන්න ඕනේ කිව්වා දුම් ගහන්න. දැන් ආණ්ඩුව බලාගෙන ඉන්නවා, රෝගීන් දස දෙනෙක් එනකන් දුම් ගහන්න. දැන් හරිනේ දැන් පනස් දාහක් ඉන්නවානේ. දැන් ප්‍රාදේශීය සභාවට දුම් ගහන්න පුළුවන්.
ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ, වෛද්‍යවරු නැහැ. එදා ඔබතුමන්ලා විපක්ෂයේ ඉන්නකොට බෙහෙත් එකසිය ගාණක් නැහැ කියලා ලොකුවට ආන්දෝලනාත්මක ප්‍රකාශ කරා විතරක් නෙවෙයි, කෑ ගහලා පාරේ යකා නැටුවා. ඊට වඩා බෙහෙත් නැහැ. හැබැයි ඔබතුමන්ලා ඒ කාරණෙවලට සංවේදීව ඇහුම්කන්දෙනවද?
විපක්ෂයේ ඉන්නකොට නම් එකසිය පනහට වී ගන්නවා කිව්වා. අද ආණ්ඩුවේ පොහොර ටික එනකොට ගොයම් කපලා ඉවරයි. එතකොට ආණ්ඩුවෙන් කියන මිලට වී මිලදී ගත්තා කියලා ගොවියට සාධාරණයක් වෙන්නේ නැහැ, මොකද කළු කඩෙන් ගොවියා රුපියල් දහඅට දාහට, විසිදාහට පොහොර ටික අරගෙන. අඩුම ගානේ වෙලාවට පොහොර ටික බෙදාගන්න බැරුව, පොහොර සහනාධාර දීගන්න විදිහක් නැතුව ආණ්ඩුව, අඩුම ගානේ ගොවියාගේ වී ටික වෙලාවට මිලදී ගන්න ඒකටවත් සැලැස්මක් නැහැ.
ඒ ඔක්කොම කාරණා අස්සේ පිටරටින් හාල් ගේනවා. පිටරටින් හාල් ගේන්නෙ ගොයම් කපන කොට, යල කන්නෙ. ගොයම් කපනකොට හාල් ගෙනාවම වී මිලත් වැටෙනවා, හාල් මිලත් නගිනවා. එළවළු වලටත් එහෙමයි. අනෙකුත් භෝගවලටත් එහෙමයි. හැබැයි ගොවි ජනතාව මේවට විරුද්ධව පාරට බැස්සම මොකක්ද වෙන්නේ? ගරු සභාපතිතුමා, ගොවි ජනතාව මේවට විරුද්ධව පාරට බැස්සම ආණ්ඩුව ගොවියා කසිප්පුකාරයෙක් කියනවා.
ගොවියා කසිප්පුකාරයෙක්, හොරෙක්. ඔබ තමුන්නාන්සේලාට විරුද්ධව වෛද්‍යවරු පාරට ආවොත් වෛද්‍යවරයා හොරා. ඔබට විරුද්ධව ශිෂ්‍ය සංවිධානයක් පාරට ආවොත් ශිෂ්‍ය සංවිධානය හොරු. දිට්වා කුණාටුවෙන් අනාථ වෙච්ච මිනිස්සු තමන්ගේ තාම තාවකාලික නිවාස වල ඉන්නේ කියලා අඬා වැලපෙනකොට ඔවුන් හොරු. ගොවියා පාරට ආවම කසිප්පුකාරයා.
දැන් කෙහෙල් කැනත් කපාගෙන කැබ් එකේ දාගෙනනේ ඔබතුමාලා දේශපාලනය කරේ. ගොවියාගෙන් කෙහෙල්කැනත් කපාගෙන, ප්ලේන්ටියකුත් බීලා, ගොවියාගේ වී ටිකත් අරගෙන, ඔය ඔබ තමුන්නාන්සේලා කියන විදිහටම ගොවියාගේ කසිප්පු ටිකත් බීලා, දැන් පාර්ලිමේන්තුව ඇවිල්ලා ගොවියාට කසිප්පුකාරයා කියනවා. ලැජ්ජයි. දැන් ගොවියාට කසිප්පුකාරයයි කියනවා.
ඔබතුමාලාගේ මන්ත්‍රීවරු, ඇමතිවරුන්ගේ සහෝදරයෝ මත්කුඩු එක්ක අල්ලනවනෙ. හැබැයි ඒවා කියනකොට ඔබතුමාලා හරියට මී පැටව් වගේ, පූස් පැටව් වගේ වාඩිවෙලා බලාගෙන ඉන්නවා. ආ අපි ඒවා මේ දේශපාලන වේදිකාවේ කතා කරන්නේ නැහැ, මොකද ඒවා අල්ලන්න ඕනේ. ඒවා අල්ලන්න ඕනේ. හැබැයි අහිංසක ගොවියා තමන්ගේ වී ටික විකුණාගන්න බැරුව පාරට බැස්සම, තමන්ගේ පොහොර ටික ඉල්ලලා පාරට බැස්සම, කසිප්පුකාරයෝ වෙනවා. ගොවියාගෙ කෙහෙල්කැන කපාගෙන, ගොවියාගෙ කසිප්පු ටිකත් බීලා පාර්ලිමේන්තුව ඇවිල්ලා දැන් ගොවියාට කසිප්පුකාරයා කියනවා.”
නාමල් රාජපක්ෂ මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව අමතමිනි.
2026 ජූනි 26, පෙ.ව. 12:19
2026 ජූනි 26, පෙ.ව. 12:18
2026 ජූනි 26, පෙ.ව. 12:15
2026 ජූනි 26, පෙ.ව. 12:14
2026 ජූනි 26, පෙ.ව. 12:12
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26