hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2025 මාර්තු 13, පෙ.ව. 12:06



ලබන 15 වැනිදා පැවැත්වෙන වන සතුන් පිළිබඳ සිදු කෙරෙන සංගණනයට සුබ පතන බවත් තමාගේ ගෙමිදුලෙහි සිටින සතුන්ද ගණන් කර ලැයිස්තුවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඊයේ (12) පාර්ලිමේන්තුවේදී ඔහු කියා සිටියේ, විපක්ෂයේ සිටියදී ගොවි ජනතාව වෙනුවෙන් කළ සටන ආණ්ඩුව අදත් ගෙන යනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා :

“15 වෙනිදාට රිලව් වඳුරෝ දඬුලේනු හරියට ගණන් කරන්න. අපිත් ඒකට සුබ පතනවා.අපේ වත්තේ ඉන්න සතුනුත් ගණන් කරලා ලැයිස්තුවක් එවන්නම්”

“විපක්ෂයේ සිටියදී ගොවි ජනතාව වෙනුවෙන් කළ සටන ආණ්ඩුව අදත් ගෙන යනු ඇතැයි අප සිතනවා.ගොවිතැනට තාක්ෂණය බද්ධ කිරීම සම්බන්ධව යම් පසුබෑමක් සිදුවූ බව අප පිළිගන්නවා.දැන් ඔබට ඒ සඳහා අවස්ථාව තිබෙනවා.ගොවියට හොඳක් වෙනවා නම් අපි ගොවියා අවුස්සල පාරට බහින්න පොළඹවන්නේ නැහැ.ඒ නිසා ගොවිතැනට තාක්ෂණය මුහු කරන්න කටයුතු කරන්න”

මේ අතර රිලවෙක් හෝ දෙදෙනෙක් අල්ලගෙන පැමිණියහොත් මිනිසුන්ට 500ක හෝ 1000ක් වැනි මුදලක් දෙන වැඩසටහනක් ක්‍රියාත්මක කළොත් හොඳ බව කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පවසනවා.

“පොල් ගෙඩි මිලියන ගණනින් රිලවු විසින් විනාශ කරනවා. අප මේ සතුන් සංහාරය කරන්නත් හැකියාවක් නෑ. එහෙම කළොත් පරිසර සංවිධාන විරුද්ධව නැගිටිනවා වන්ද්‍යාකරණ වැඩසටහනක් වත් කරන්න පුළුවන් නම් හොඳයි”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: