hit counter

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

2025 අප්‍රේල් 23, පෙ.ව. 12:22



 මේ වන විට පවතින ආණ්ඩුව තමන්ගේ වැරදි සහ අසාර්ථකත්වයන් වසා ගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ජනාධිපතිවරයා තමන්ගේ පක්ෂයට ඡන්ද නොදුන්නොත් මුදල් නොදෙන බවට සෑම තැනකදිම තර්ජනය කරන බවත් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඒ වගේම ආණ්ඩුව බොරු නඩු අදිමින් පාතාලය මර්ධනය කරන බවට පම්පෝරි ගැසුවත් මේ වන විට එවැනි දෙයක් සිදු නොවන බවත් ටියුෂන් ගුරුවරු ශිෂ්‍යත්ව ගුරුවරු පස්සෙ පොලිසිය පන්නන තත්ත්වයකට ආණ්ඩුව වැටුණු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒවගේම හිටපු අමාත්‍ය වැසිල් රාජපක්ෂ මහතාගෙන් ඔහු අවවාද සහ උපදෙස් ලබා ගන්නා බවත් ඉතිරි මැතිවරණය පිළිබඳව ඔවුන් සාකච්ඡා කරන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: