hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 25, පෙ.ව. 12:09



එළඹෙන සතියේ තමන් අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බවට තොරතුරු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සාක්ෂි නිර්මාණය කර තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවද ඔහු සඳහන් කර තිබේ.

හෙතෙම මේ බව සඳහන් කර ඇත්තේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කෙහෙලිය රඹුක්වැල්ල හා මහින්දානන්ද අලුත්ගමගේ යන හිටපු අමාත්වරුන්ගේ සුවදුක් බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේදීය.

ඒ අනුව ඉදිරි සතියේ සිට තමන්ට ඔවුන් දෙදෙනා සමග එක් වීමට ඉඩක් ඇති බවත් මන්ත‍්‍රීවරයා පවසා ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: