hit counter

2026 ඔක්‍තෝබර් මස 10 වන සෙනසුරාදා

2026 ජූලි 06, පෙ.ව. 12:08



වී කිලෝවක් සඳහා රු. 154ක නිෂ්පාදන වියදමක් දැරීමට සිදුව ඇතැයි තමන් ප්‍රකාශ කළේ ගෝඨභය රාජපක්ෂ ජනාධිපති සමයේ බව කෘෂිකර්ම නි. අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

“දැන් රු. 150 කතාවක් කියනවා නෙ මම කිව්වා කියලා. ඔව්, මම කිව්වා රු. 154කට ආසන්න පිරිවැයක් යනවා, වී කිලෝවක නිෂ්පාදන වියදම ඒ කාලේට අදාළව කියලා.

ඒ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති, මහින්ද රාජපක්ෂ අගමැති. පොහොර තහනම් කළා. දැන් පොහොර නොමිලේ දුන්නා, 350ට දුන්නා කියන අයම පොහොර තහනම් කළා.

ඒ කාලේ පොහොර මිටිය රු. 40 000-50 000ට ගියා. ඊට පස්සේ ට්‍රැක්ටර් ගාස්තු එහෙමත් වැඩි වුණා. ඒ එක්කම අස්වැන්න අඩුවුණා. නිෂ්පාදන වියදම ගණන් හැදුවාම 150 පැන්නා. ඒක තමයි අපි එදා කිව්වේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: