2026 අගෝස්‍තු 21, ප.ව. 4:31
රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනී මහත්මියගේ අභාවය ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් බවත් ඇයට මුළු රටම ආදරය කළ බැවින් ඇයගේ වියෝව සම්බන්ධයෙන් සමස්ත රටම ශෝක වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
නන්දා මාලිනී දිගු කාලයක් සංගීත ක්ෂේත්‍රයේ රැඳී සිටි ප්‍රතිපත්තිගරුක ගායන ශිල්පිනියක සහ කලා ශිල්පිනියක ලෙස විශේෂත්වයක් දැක්වූ බවද ඔහු සඳහන් කරයි. ඇයට පැහැදිලි ප්‍රතිපත්තියක් සහ දැක්මක් තිබූ බවත් ජීවිතයේ අසීරුම අවස්ථාවලදී පවා එම ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් ජීවත් වූ බවත් ටිල්වින් සිල්වා ප්‍රකාශ කරයි.
ඇයගේ අවසන් කැමැත්ත තුළින්ද එම ප්‍රතිපත්ති ගරුකභාවය පැහැදිලි වන බවද තම අවසන් කටයුතු ඉතා සරලව හා චාම් ලෙස සිදුකරන ලෙස ඇය ඉල්ලා තිබීම ජීවිතය පුරා රැකගත් ප්‍රතිපත්ති අවසන් මොහොත දක්වාම ඇය විසින් ආරක්ෂා කළ බවට සාක්ෂියක් බවද ඔහු සඳහන් කරයි.
නන්දා මාලිනී මහත්මියගේ ජීවිතයේ වැඩි කාලයක් තුළ ඇය අලුත් ලෝකයක් සහ අලුත් සමාජයක් පිළිබඳව විශ්වාසයෙන් කටයුතු කළ බවද අලුත් රටක් සහ අලුත් ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් සටන් කළ ජනතාවට ඇගේ ගීත හරහා විශාල ශක්තියක් ලබාදුන් බවත් ඇයගේ ප්‍රධාන භූමිකාව වූයේ ගීතය හරහා එම අදහස් සමාජගත කිරීම බවත් ඔහු පෙන්වා දෙයි.
අලුත් ලෝකයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් ගීතය හරහා ඒ වෙනුවෙන් සටන් කරමින් ජනතාව සමඟ ජීවත් වූ නන්දා මාලිනී මහත්මිය අද ජනතාවගෙන් සමු ගත්තද ඇය ප්‍රාර්ථනා කළ ලෝකය ගොඩනැගීම ආරම්භ වී ඇති බැවින් ඇයට ඒ පිළිබඳව සතුටක් ඇතිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ටිල්වින් සිල්වා සඳහන් කරයි.
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනී මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.
2026 අගෝස්‍තු 21, ප.ව. 3:47
2026 අගෝස්‍තු 21, ප.ව. 3:44
2026 අගෝස්‍තු 21, ප.ව. 3:42
2026 අගෝස්‍තු 21, පෙ.ව. 11:47
2026 අගෝස්‍තු 21, පෙ.ව. 11:29
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26