hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 16, ප.ව. 12:18



අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන ඉදිරියට වැඩ කිරීම අලුත් විධායක සභාවේ අරමුණ බවත් වැරදුන තැන් පිළිගෙන අනාගතය නිවැරදි දිශාවට ගෙන යා යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවා.

ඉදිරියේදී සිදුකිරීමට නියමිත කාරණා 10ක් පිළිබඳ වැඩපිළිවෙලක් අලුත් විධායක සභාව ඉදිරිපත් කරන බවත් එහි පළමු කාරණය නිර්දේශපාලනීකරණය සිදුකරන බව සඳහන් කරන බවත් ඔහු සඳහන් කළා.

එම නව විධායක සභාවෙන් දස වැදෑරුම් ප්‍රතිපත්ති රාමුව පහතින්,

මාධ්‍ය නිවේදනයයි

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම් ඉතිහාසයට අලුත් පරිච්ඡේදයක්
නව විධායක සභාවෙන් දස වැදෑරුම් ප්‍රතිපත්ති රාමුවක්

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ 95 වන වාර්ෂික නිලවරණය පසුගිය සෙනසුරාදා දින (ජූනි 11) පවත්වන්නට යෙදුණි.

එහිදී ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් සාමාජිකයින් 11 දෙනෙකුගෙන් සමන්විත විධායක සභාවක් හා 25 දෙනෙකුගෙන් සමන්විත මධ්‍යම කාරක සභාවක් නිතරගයෙන් තේරී පත් විය.

මෙවර විධායක සභාව තුල නවක මුහුණු රාශියක් දක්නට ලැබීම විශේෂ ලක්ෂණයකි. සභාපති ධුරය දරණ විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා ඇතුලු අති බහුතරයක් වූ විධායක සභිකයන්, අවසන් වරට පැවති විධායක සභාව නියෝජනය නොකිරීම කැපී පෙනෙයි.

නව විධායක සභාව ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නැවුම් දිශානතියක් කරා රැගෙන යාමට ප්‍රතිඥා දෙමු. ඒ හරහා සංගම් ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් සටහන් කිරිමට කටයුතු කරමු.

ඉදිරි වර්ෂයක කාලය තුල රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගමන් මග තීරණය කිරීම ස‍දහා වු දස වැදැරුම් ප්‍රතිපත්තිමය වැඩ පිලිවෙලක් නව විධායක සභාව මගින් සකස් කර ඇත.

1. නිර්දේශපාලනික ගමන් මගක් ඔස්සේ සංගමයේ කටයුතු ඉදිරියටත් මෙහෙයවනු ඇත.

2. මහජන අපේක්ෂාවන්ට නිසි ගෞරවය ලබා දෙන අතරතුර, සාමාජිකත්වයේ සුභ සාධනය හා අවශ්‍යතා සදහා වෘත්තිය සමිතියක් ලෙස ප්‍රමුඛතාවය ලබා දෙනු ඇත.

3. අදාල ක්ෂේත්‍ර වල විශේෂඥයින්ගේ මතයට හා තාක්ෂණික දැනුමට හැකි සෑම විටම ගරු කරනු ඇත.

4. සංගමය තුල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු ඇත. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරනු ඇත.

5. සියලු වෛද්‍ය නිලධාරි කාණ්ඩ සදහා (විශේෂඥ වෛද්‍යවරුන්, පරිපාලන ශ්‍රේණියේ වෛද්‍යවරුන් හා ශ්‍රේණි වෛද්‍යවරුන්) වෘත්තීය අභිමානයෙන් යුතුව කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරනු ඇත.

6. සමාජ මාධ්‍ය භාවිතා කිරීම හුදෙක් තොරතුරු හුවමාරු කර ගැනිම සදහා පමණක් සීමා කිරීමට හැකි සෑම උත්සාහයක්ම දරණු ඇත.

7. ක්‍රියාකාරකම් වල පාරදෘශ්‍යභාවය තහවුරු කෙරෙන වැඩපිලිවෙලක් එළිදැක්වෙනු ඇත.

8. “එකමුතුකම ශක්තියයි” යන සංගමයේ තේමා පාඨය ප්‍රායෝගිකව යථාර්තයක් බවට පත් කරන වැඩපිලිවෙලක් සකස් කෙරෙනු ඇත. ඒ හරහා විවිධ හේතු ඔස්සේ සංගමයෙන් ඈත්ව සිටින සාමාජිකයන් නැවත වරක් සංගමයට ශක්තියක් බවට පත් කර ගැනීමට මග විවර කර දෙනු ඇත.

9. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල මෙන්ම අනෙකුත් වෘත්තීය ක්ෂේත්‍රයන් තුල සංගමය කෙරෙහි විශ්වසනීයත්වය ගොඩ නැගෙන වැඩ පිලිවෙලක් සකස් කර ඒ සදහා නායකත්වය ලබා දෙනු ඇත.

10. වර්තමානයේ රටක් ලෙස අප සියලු දෙනා මුහුණ දෙන අර්බුදකාරි තත්ත්වයෙන් ගොඩ ඒම සදහා කෙටි කාලීන හා දිගු කාලීන යෝජනා සකස් කොට අදාල සියලු පාර්ශව සමග ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිිරිම සදහා සහයෝගීතාවයෙන් යුක්තව කටයුතු කරනු ඇත.

මෙම ප්‍රතිපත්තිමය රාමුවකින් යුත් වැඩ පිලිවෙල හරහා සංගමයේ අති බහුතරයක් වූ සාමාජිකත්වයේ අපේක්ෂාවන් මෙන්ම සංගමය කෙරෙහි ඇති පොදු ජනතාවගේ අපේක්ෂාවන් යථාර්තයක් බවට පත් කිරීමට හැකි වනු ඇති බව නව විධායක සභාව ලෙස තරයේ විශ්වාස කරමු.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඉදිරි ගමන් මග පිළිබද පක්ෂ විපක්ෂ දේශපාලන අධිකාරිය, සෞඛ්‍ය හා අනෙකුත් පරිපාලන බලධාරින් හා අනෙකුත් වෘත්තීය හා සිවිල් සංවිධාන දැනුවත් කොට අදහස් හුවමාරු කර ගැනීමේ වැඩපිලිවෙලක් ඉදිරි මාසයක කාලය තුල ක්‍රියාත්මක කිරිමටද නව විධායක කමිටුව ලෙස අදහස් කරමු.

ඉතිහාසය තුල රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කෙරෙහි පැවති පොදු ජන විශ්වාසනීයත්වය හා ගෞරවය මෙන්ම සාමාජිකත්වයේ අනුකූලතාවය නැවුම් වටයකින් ප්‍රතිස්ථාපනය කිරිම නව විධායක සභාවේ ප්‍රමුඛ අරමුණ වනු ඇත.
ස්තූතියි,

මීට විශ්වාසී,

වෛද්‍ය හරිත අලුත්ගේ
ලේකම්

නව විධායක කමිටුව පහතින්,

2022 / 2023 වර්ෂය සදහා තේරී පත්වූ
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නව විධායක කමිටුව

  • සභාපති
    විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා
  • උප සභාපතිවරුන්
    විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා
    විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා
    ලේකම් – වෛද්‍ය හරිත අලුත්ගේ මහතා
  • උප ලේකම්වරුන්
    වෛද්‍ය කාංචන බුලන්කුලම මහතා
    වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා
    වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා
    වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා
  • භාණ්ඩාගාරික
    වෛද්‍ය කමල් කොඩිකාර මහතා
  • සංස්කාරක
    වෛද්‍ය චන්දන ධර්මරත්න මහතා
  • උප සංස්කාරක
    වෛද්‍ය චමිල් විජේසිංහ මහතා

2022 / 2023 වර්ෂය සදහා තේරී පත්වූ
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නව මධ්‍යම කාරක කමිටුව

• වෛද්‍ය සුහයිල් අහමඩ් මහතා
• වෛද්‍ය මොහොමඩ් අනාස් මහතා
• වෛද්‍ය ප්‍රසාද් හේරත් මහතා
• වෛද්‍ය චනිත් පේදුරුආරච්චිගේ මහතා
• වෛද්‍ය ගාන්දීපන් තංගරාජා මහතා
• වෛද්‍ය ඉන්දික හේරත් මහතා
• වෛද්‍ය රුවන් ජයසූරිය මහතා
• වෛද්‍ය චාරුණි කොහොඹන්ගේ මිය
• වෛද්‍ය වසන්ත කුමාර මහතා
• වෛද්‍ය නිරෝෂණ ලියනගේ මහතා
• වෛද්‍ය රගීෂ් මදුසංඛ මහතා
• වෛද්‍ය ඉන්දික නිරෝෂන් මහතා
• වෛද්‍ය උදාන පානදුරගේ මහතා
• වෛද්‍ය දිමුත් පොන්වීර මහතා
• වෛද්‍ය ජගත් රෝෂාන් මහතා
• වෛද්‍ය චන්දික සනත් මහතා
• වෛද්‍ය නිලන්ත සංජිව මහතා
• වෛද්‍ය ලක්ෂ්මන් සේනාධීර මහතා
• වෛද්‍ය තේජන සෝමතිලක මහතා
• වෛද්‍ය තනිගවාසන් රන්තසිංගම් මහතා
• වෛද්‍ය චාමර වර්ණසූරිය මහතා
• වෛද්‍ය තෙනුවන් වික්‍රමසිංහ මහතා
• වෛද්‍ය හේෂාන් විදානපතිරණ මහතා
• වෛද්‍ය නාත් විජේසුරිය මහතා
• වෛද්‍ය දර්ශණ විජේතුංග මහතා





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: