2026 අගෝස්‍තු 13, පෙ.ව. 11:39
නීති විරෝධී සූදු ක්‍රීඩාවක් හේතුවෙන් සමාජය තුළ බරපතළ ව්‍යසනයක් නිර්මාණය වී ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති සිරිල් ඇන්තනි පෙරේරා කෝප් (COPE) අනුකමිටුව හමුවේ සඳහන් කරයි.
අතිශය විනාශකාරී මෙම තත්ත්වය මත්ද්‍රව්‍ය භාවිතයට පමණක් දෙවැනි වන තරමේ බරපතළ බවත් වසර 4-5කට පෙර ගම්වල රුපියල් 100 වැනි මුදලකට ආරම්භ වූ ‘කොටු කැපීමේ’ සූදුවක් මෙලෙස බරපතළ ව්‍යසනයක් දක්වා දිගහැරී ඇති බවද සභාපතිවරයා සඳහන් කරයි.
ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලවල දිනුම් ඇදීමේ අංක පදනම් කරගනිමින් මෙය පවත්වාගෙන යනු ලබන බවත් ආදායම් අධික ප්‍රදේශවල එක කොටුවක් රුපියල් ලක්ෂය දක්වා ඉහළ ගොස් ඇති බවද සභාපතිවරයා සඳහන් කරයි.
0 සිට 9 දක්වා වූ සංඛ්‍යා රටාවලින් අංක 2ක් තෝරාගෙන, එදින නිකුත් වන ලොතරැයියේ අවසාන අංක දෙක සඳහා මෙහිදී ඔට්ටු අල්ලන බවත් මේ හේතුවෙන් බොහෝ පිරිසකට තම ඉඩකඩම් හා දේපොළ අහිමි වී අසරණ වී සිටින බවද සභාපතිවරයා සඳහන් කරයි.
ප්‍රදේශයේ පවතින ආර්ථික ක්‍රියාකාරකම් අනුව ඔට්ටු මුදල් වෙනස් වන අතර මනම්පිටිය වැනි වී අස්වැන්න නෙළන ප්‍රදේශවල කොටුවක් රුපියල් 30,000ක් දක්වාත්, රත්නපුර මැණික් ආශ්‍රිත ප්‍රදේශවල රුපියල් ලක්ෂය ඉක්මවාත් ඔට්ටු තබන බව සභාපතිවරයා සඳහන් කරයි.
ජාතික ලොතරැයි පනත යටතේ ආයතනයට නීතිය ක්‍රියාත්මක කළ හැක්කේ නීත්‍යානුකූල ලොතරැයි ඇදීම් සඳහා පමණක් වන බැවින්, මුදල් අමාත්‍යාංශයේ සෘජු සහාය නොමැතිව මීට එරෙහිව නීතිමය පියවර ගැනීම අපහසු බවද සභාපතිවරයා සඳහන් කරයි.
ලොතරැයි මණ්ඩල විසින් දිනුම් ඇදීම් සිදු කරන්නේ රාත්‍රී 7.30ට පමණ වුවද, මසකට අවශ්‍ය සියලු දිනුම් ඇදීම් එකවර සිදුකර දිනපතා නිකුත් කරන බවට ව්‍යාජ තොරතුරු ජනතාව අතර පතුරා, WhatsApp සමූහ හරහා සංවිධානාත්මකව මෙම මුදල් වංචා සිදු කරන බව හෙළිවී ඇත.
කෝප් (COPE) අනුකමිටුව හමුවට ලොතරැයි මණ්ඩල දෙකෙහි නිලධාරීන් කැඳවූ අවස්ථාවේදී සභාපති සිරිල් ඇන්තනි පෙරේරා මේ බව සඳහන් කරයි.
2026 අගෝස්‍තු 13, ප.ව. 5:27
2026 අගෝස්‍තු 13, ප.ව. 4:08
2026 අගෝස්‍තු 13, ප.ව. 1:10
2026 අගෝස්‍තු 13, පෙ.ව. 11:31
2026 අගෝස්‍තු 13, පෙ.ව. 11:17