hit counter

2026 ජූනි මස 28 වන ඉරිදා

2022 ජූනි 29, ප.ව. 6:18



ඩීසල් නෞකාවකට ඇනවුමක් ලබා දී ඇති අතර ජුලි දෙවන සතිය වන විට එම නෞකාව ලංකාවට පැමිණෙනු ඇතැයි ඉන්ධන අර්බුදය පිළිබඳ සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා පත් පත්කළ කමිටුවේ සභාපති සාගල රත්නායක මහතා පවසනවා.

පෙට්‍රල් ලබා ගැනීම සම්බන්ධයෙන් ද ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද සාගල රත්නායක මහතා පෙන්වා දෙනවා.

ගෑස් මෙට්‍රික් ටොන් තිස්තුන් දාහක් ජුලි  මාසයේදී මෙරටට ලැබීමට නියමිතව ඇති බවද ඔහු කියා සිටියා.

පුවත්පත් කර්තෘවරුන් සමග කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති හමුවකදී සාගල රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: