2025 ඔක්තෝබර් 20, ප.ව. 3:26
අලුත්කඩේ අධිකරණයේදී පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ ක්‍රියාන්විතය වෙනුවෙන් ඉෂාරා කිසිදු මුදලක් ලබාගෙන නොමැති බවට විමර්ශණ මගින් අනාවරණය වී ඇතත් ඒ වෙනුවෙන් ඉෂාරා සිහින මැවූ බලාපොරොත්තුවක් ඉටු කර දීමට කෙහෙල්බද්දර පද්මේ විසින් ඇයට පොරොන්දු වී ඇති බවට ඉෂාරා සෙව්වන්දි විසින් විමර්ශන නිලධාරීන්ට හෙළි කර තිබේ.
ඒ අනුව සංජීව ඝාතනයේ සියලු සැලසුම් ඉෂාරා සෙව්වන්දි විසින් සිදුකර ඇත්තේ ඇය යුරෝපයේ රටක ස්ථිර පදිංචිය යවනා බවට වූ පොරොන්දුවක් මත බව පැවසෙයි.
සංජීව ඝාතන කොන්ත්‍රාත්තුව අකුරටම ඉටු කිරීමෙන් පසුව පද්මේ විසින් සිය පොරොන්දුව ඉටු කිරීම සඳහා ජේ.කේ. බායි නමැත්තාට රුපියල් ලක්ෂ 65ක් ලබාදී ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස් කර ඇය කෙසේ හෝ යුරෝපයට යැවීමට සැලසුම් කර ඇති බවද හෙළි වී ඇත.
ඉෂාරා සෙව්වන්දි නේපාලයට පැමිණි පසු සැප පහසුවෙන් ජීවත්වීම සඳහා පද්මේ විසින් ඉෂාරා වෙත මාසිකව මුදල් එවූ බවත් ප්‍රශ්න කිරීම් හමුවේ ඉෂාරා ප්‍රකාශ කර තිබේ.
ඉෂාරා සෙව්වන්දි විසින් බාල වයස්කාරියක්ව සිටි අවදියේ සිටම කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සිදුකර ඇති අතර තම රට සිහිනය පිළිබඳ ඔහුට නිතර පවසා ඇත. “ඔයාව යුරෝපයේ හොඳ රටකට යවන්නම් ඒ වෙනුවෙන් මට උදව්වක් කරන්න ඕනෑ” යැයි පද්මේ ඉෂාරාට ප්‍රකාශ කර තිබේ.
සංජීව ඝාතන සැලසුම සඳහා ඉෂාරාගේ සහාය පද්මේ විසින් ලබාගෙන ඇත්තේ ඇයගේ සිහිනය සැබෑ කරදීමට පොරොන්දු වීමෙන් පසුවය.
ඉෂාරා සෙව්වන්දි ඇතුළු නේපාලයේදී අත්අඩංගුවට ගත් 06 දෙනාම දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අවසර ලබාගෙන ඇත.
2026 සැප්තැම්බර් 01, ප.ව. 1:15
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 11:00
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 10:16
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 12:36
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 12:16
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26