hit counter

2026 ඔක්‍තෝබර් මස 16 වන සිකුරාදා

2024 දෙසැම්‍බර් 15, පෙ.ව. 12:05



ඇතැම් දත්ත ව්‍යාජ බව අනාවරණය වීමත් සමඟ පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සියලුම මන්ත්‍රීවරුන්ගේ තොරතුරු නැවත පරීක්ෂා කර යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙමින් පවතින බව තතුදත් ආරංචි මාර්ග පවසයි.

වෙබ් අඩවියේ තොරතුරු යාවත්කාලීන කිරීම භාරව සිටින නිලධාරීන්ගෙන් කරුණු විමසීම් සිදුකිරීමට ද පාර්ලිමේන්තු බලධාරීන් තීරණය කර තිබේ.

මේ අතර, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාවලියෙහි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමැති හර්ෂණ නානායක්කාරගේ නමට පෙර ‘ආචාර්ය’ යන නාමය සඳහන්ව තිබූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවට ලබාදී ඇති තොරතුරුවල ආචාර්ය උපාධියක් දරන බවක් සඳහන් කර නොමැති බව ඔවුන් සඳහන් කර තිබේ.

ඇමැතිවරයාගේ නමට පෙර එම නාමය දිස්වීම අදාළ දත්ත ඇතුළත් කිරීමේදී සිදුවූ දෝෂයක ප්‍රතිඵලයකි.

ඒ අනුව මෙම වරද නිවැරදි කිරීමට පියවර ගෙන ඇත.

සිදුවූ දෝෂය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ඇමැති හර්ෂණ නානායක්කාරට කණගාටුව ප්‍රකාශ කර තිබිණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: