hit counter

2024 මැයි මස 05 වන ඉරිදා

2024 අප්‍රේල් 26, පෙ.ව. 12:04



ලබන මස 07 වැනි දිනට යෙදෙන ”ලෝක ඇදුම රෝග දිනය” සමගාමී කරගෙන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්, ශ්‍රී ලංකා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක පැවසුවේ,ඇදුම රෝගයෙන් පෙළෙන ගර්භණී මව්වරුන් කිසිවිටකත් ඇදුම රෝගය සඳහා භාවිත කරනු ලබන ඖෂධ වර්ග නැවැත්වීමට උත්සාහ නොකළයුතු බවයි.

ඇදුම රෝගී ගැබිනියන් ඖෂධ නතර කළොත් අතුරු ආබාධ ඇති විය හැකි බව ද ඔහු පවසා තිබෙනවා.

එමෙන් ම, බොහෝ ගර්භණී මව්වරු මෙම ඖෂධ භාවිතය නතර කිරීම තුළින් අතුරු ආබාධවලට ලක්වන බවත්, ඇදුම රෝගය සඳහා ලබා දී ඇති ඖෂධ කිසිම අයුරකින් ගර්භණී මව්වරුන්ට අහිතකර ඖෂධ නොවන බවත් විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී සඳහන් කළා.

ඇදුම රෝගයෙන් පෙළෙන සියලු දෙනා නිසි ආකාරයට ක්‍රමවත්ව අදාළ ඖෂධ ලබාගන්නේ නම් මෙය පාලනය කළ හැකි බව ද හෙතෙම පැවසුවා.

ශ්‍රී ලංකාව ලෝකයේ ඇදුම රෝගයෙන් පෙලෙන රෝගින් සිටින ප්‍රධාන රටවල් අතරින් ඉදිරියෙන්ම සිටින රටක් වන අතර , නිසි ආකාරයට පාලනය නොකරන ලද ඇදුම රෝගය නිසා ඇතැම්විට මරණය පවා සිදු විය හැකි බවට වෛද්‍යවරු අවධාරණය කරයි.

ඇදුම රෝගය නිසා කුඩා දරුවන්, තරුණ තරුණියන් සහ වැඩිහිටියන් ඉතා විශාල මානසික සහ ශාරීරික අපහසුතාවන්ට මුහුණ දෙනු ලබයි.

රෝගීන්ගෙන් 95%ක් පමණ සරල, ඉතා ලාභදායී ඉහළ ක්‍රියාකාරීත්වයක් සහිත ඖෂධ මගින් රෝගය පාලනය කළ හැකියාව පවතින අය වෙනවා.

එහෙත්,දත්ත වාර්තා පෙන්වා දෙන්නේ, නොදැනුවත්කම හේතුවෙන් අවාසනාවන්ත ලෙස වසරකට ලෝකය පුරා ලක්ෂ 05ක පමණ ප්‍රමාණයක් ඇදුම රෝගය නිසා මිය යන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: