hit counter

2026 ඔක්‍තෝබර් මස 17 වන සෙනසුරාදා

2024 මැයි 13, පෙ.ව. 9:10



මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඒ මේ වන විට අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 34 කට දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා නොමිලේ සහල් කිලෝ දහය බැගින් ලබාදීමේ ජාතික වැඩපිළිවෙළෙහි පළමු වටය සාර්ථකව අවසන් කර ඇති බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ලැයිස්තුවල පැවති විවිධ අඩුපාඩු හේතුවෙන් ඉතා සුළු සංඛ්‍යාවකට පමණක් තවදුරටත් එම බෙදාහැරීම් සිදුකිරීමට ඉතිරිව ඇති බවයි.

එමෙන්ම, මෙහි දෙවන වටය මෙම මාසය අවසන් වීමට ප්‍රථමයෙන් දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධ කරගනිමින් ආරම්භ කරන බව ද ඔහු සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: