hit counter

2026 ජූනි මස 30 වන අඟහරුවාදා

2024 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:03



වැලිගම හෝටලයක සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කළ මත්ද්‍රව්‍ය සාදයක් අතරතුර පොලිසිය විසින් තරුණයින් 25ක් අත්අඩංගුව ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ අදාළ අත්අඩංගුවට ගැනීම ඊයේ රාත්‍රියේදී සිදු වු බවය. මාතර කොට්ඨාශ දුෂණ මර්ධන අංශයට ලද තොරතුරක් මත වැලිගම හෝටලයේ පැවැති සාදය පරික්ෂාවට ලක් කර ඇත.

එම සාදය සඳහා 600 කට ආසන්න පිරිසක් සහභාගී වි තිබෙනවා. එහිදී පොලිසිය විසින් පරික්ෂා කිරිමේදී ගංජා සන්තයේ තබා සිටි තරුණයින් 09 ක් ද, හෑෂ් මත්ද්‍රව්‍ය ළඟ තබා සිටි 08 දෙනෙක් සහ මත් පෙති ළග තබා ගෙන සිටි 08 ක් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියා සිටියේය.

අත්අඩංගුවට ගත් පිරිස අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: