2025 මාර්තු 08, ප.ව. 2:04
නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලීගේ ආලේපන හා රූපලාවන්‍ය උපකරණ බෙදාහැරීමේ ව්‍යාපාර කටයුතු වලට අගතියක් වන අයුරින් විමර්ශන මෙහෙයවීම සම්බන්ධයෙන් ලබන 21 දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයාට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ(07) නොතීසී නිකුත් කළේය.
පියුමි හංසමාලි ගොනු කළ මෝෂමක් සලකා බැලීමෙන් පසුව මෙම නොතීසිය නිකුත් කෙරිණි.
පියුමි හංසමාලි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුමුදු හේවගේ මහතා කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායිකාවගේ රූපලාවන්‍ය ද්‍රව්‍ය මිලදී ගනු ලබන ගණුදෙනුකරුවන් කැඳවා නිති විරෝධී වත්කම් විමර්ශන අංශයේ නිලධාරින් ප්‍රශ්න කිරීම් හේතුවෙන් ව්‍යාපාර කටයුතුවලට බාධා පැමිණ ඇති බවය.
මේ තුළින් තම සේවාදායිකාවගේ ව්‍යාපාරයට දැඩි අගතියක් සිදුවී ඇති බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.
අධිකරණ සංවිධාන පණතේ ප්‍රතිපාදන ප්‍රකාරව සිය සේවාදායිකාවට සිදුවන අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීම් සිදු කරන බවත් නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා අදාළ මෝෂම සම්බන්ධයෙන් ලබන 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කරමින් නියෝග කළේය.
2025 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 10:09
2025 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 7:59
2025 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:12
2025 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:07
20-09-25
20-09-25
20-09-25
20-09-25
20-09-25
20-09-25
20-09-25
20-09-25
20-09-25
20-09-25
20-09-25
20-09-25
20-09-25
20-09-25
19-09-25
19-09-25
19-09-25
19-09-25
19-09-25
19-09-25
19-09-25
19-09-25
19-09-25
19-09-25