hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 31, පෙ.ව. 9:08



හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අමාත්‍ය පදවිය දරන අවධියේ දී තීරුබදු රහිතව ආනයනය කර තිබූ රුපියල් කෝටියකට පමණ ආසන්න වටිනා සුඛෝපභෝගී ජීප් රථයක් ගාල්ල නගරයේදී පොලිස් භාරයට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසනවා.

එම අවස්ථාවෙහිදී ජීප් රථය පදවමින් සිටි ඔහුගේ නිවසේ ආරක්ෂකයකු ලෙස කටයුතු කරන ගාල්ල පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වනවා.

නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මීට වසර කිහිපයකට ඉහත දී වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පදවිය දරන අවධියේදී මෙම සුඛෝපභෝගී ජීප් රථය තීරුබදු රහිතව පිටමං කර තිබූ බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළිවී තිබුණා.

ජීප් රථය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එහි ලියාපදිංචි අංකය ලෙස ප්‍රදර්ශනය කර තිබුණේ මෝටර් රථයක ලියාපදිංචි අංකයක් බව පොලිසිය පෙන්වා දෙනවා.

තවත් මේ ආකාරයෙන් වාහන පිටමං කර ඇද්දැයි සොයා පුළුල් ලෙස විමර්ශනය සිදුකරන බව වැටලීම සිදුකළ පොලිස් නිළධාරියෙකු පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: