hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 04, පෙ.ව. 11:56



ඉකුත් වර්ෂය තුල (2021) ළමුන්ට එරෙහි බල අපරාධ සිද්ධින් 3183ක් වාර්තා වි ඇති අතර  ඉන් සිද්ධින්  1876කට අදාලව  විමර්ශන කටයුතු අවසන්ව නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

ප්‍රතිශතයක් වශයෙන් ගත්විට විමර්ශන කටයුතු අවසන්ව නොමැතිව ඇති සිද්ධින් සියයට 59ක් බැව් විගණන වාර්තාවේ සදහන් වනවා.

ළමුන්ට එරෙහිව වාර්තා වී ඇති අපරාධ අතුරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වි ඇත්තේ දුෂණවන අතර එම සංඛ්‍යාව 1780ක්.

මින් විමර්ශන කටයුතු අවසන්කොට තිබුණේ සියයට 44ක්. අපහරණය සම්බන්දයෙන් සිද්ධින් 611ක් වාර්තා වි ඇති අතර  විසදිමේ ප්‍රතිශතය සියයට 30ක්.

බරපතල ලිංගික අපයෝජනය සම්බන්දයෙන් සිද්ධින් 580ක් වාර්තා වි තිබු අතර විසදිමේ ප්‍රතිශතය සියයට  43ක්. අපරාධ  විසදිමේ ප්‍රතිශතය ඉතා අඩු මට්ටමක පැවති බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

ළමුන්ට එරෙහිව අපරාධ විසදිමේ ප්‍රතිශතය මිට වඩා ඉහල අගයක් ගතයුතු බව ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට ප්‍රකාශකොට තිබෙන බවයි වාර්තා වන්නේ.

ළමුන්ට එරෙහිව අපරාධ විසදිම සදහා කඩිනම් ක්‍රියාමාර්ගගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට තිබෙනවා.

ශ්‍රිලංකා පොලිසිය සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව මෙකි විගණන වාර්තා නිකුත්කොට තිබුණා.

ලලිත් චාමින්ද





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: