hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 1:05



දිවයිනේ විවිධ ප්‍රදේශවලදී පොලිස් නිලධාරීන් ලෙස ව්‍යාජව පෙනී සිටිමින් සිදු කළ කොල්ලකෑම් සිද්ධි ගණනාවක් වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් නිලධාරීන් ලෙස ව්‍යාජ ව පෙනී සිටින පුද්ගලයන් පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

සිවිල් ඇඳුමින් සැරසී පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටිමින් ගමන් මලු, වාහන, නිවාස, යතුරුපැදි ආදිය පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය යැයි පවසමින් දේපොළ කොල්ලකෑම් සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණිලි ලැබී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ විශේෂ පොලිස් ඒකකයන්හි නිලධාරින් හැර අන් කිසිදු අවස්ථාවක පොලිස් නිලධාරින් විසින් එසේ සිවිල් ඇඳුමින් පරීක්ෂා කිරීම් සිදු නොකරන බව පොලිසිය අවධාරණය කරනවා.

ඉහත සඳහන් කළ විශේෂ අංශයන්හි නිලධාරින් විසින් ‍යම් පරීක්ෂාවක් සිදුකරන අවස්ථාවකදී ඔවුන් සිය නිල හැඳුනුම්පත ඉදිරිපත් කරන බවත් ඕනෑම අයකුට එය ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිය හැකි බවත් පොලිසිය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

යම් පරීක්ෂාවක් සඳහා කිසිවෙකු කටයුතු කරනවා නම් ඒ් පිළිබඳව අවදියෙන් සිටින ලෙසත් සැකයක් ඇත්නම් නොපමාව ඒ පිළිබඳ ආසන්නතම පොලිස් ස්ථානය දැනුම්වත් කරන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: