hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 10, පෙ.ව. 11:05



මාධ්‍යවේදී තරිඳු උඩුවේගෙදර මහතා සහ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා නොවැම්බර් 08 වැනිදා සහ නොවැම්බර් 14 වැනිදා යන දිනයන්හිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා අද(10) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

එලෙස කැඳවීමට හේතුවී ඇත්තේ ෆේස්බුක් සමාජ ජාලයේ තුළ පෝස්ට් එකක් ශෙයාර් කිරීමේ චෝදනාව බවත් කැඳවීමට නියෝග ආවේ ඉහළින්ම බවත් වාර්තා වන බවත් ඒ අතර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නමත් සඳහන් බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

මෙලෙස කටයුතු කිරීම භයානක තත්වයක් බවත් ආණ්ඩුව මෙලෙස කටයුතු කළහොත් අනාගතයේදී තවත් අරගලයක් ඇති වන බවත් ජනමාධ්‍යයට කරදර කිරීම වහාම නතර කරන ලෙස ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: