hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 31, පෙ.ව. 8:49



ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්වුණා.

එහිදී පාසල් දරුවන් අතර මත්ද්‍රව්‍ය පැතිර යාම වැලැක්වීම සඳහා බස්නාහිර පළාතේ සියළු පාසල් වල සුපරික්ෂාකාරී කමිටු පිහිටුවීමට තීරණය කෙරුණා. ඒ සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරියට පසුගිය 28 වැනිදා උපදෙස් දී තිබුණා.

මේ අතර එම සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඇමති ප්‍රසන්න රණතුංග මහතා අරගලය ගැනද අදහස් පළ කර තිබූ අතර එහිදී පොලිස් ප්‍රධානියෙකුද එය අනුමත කරමින් අදහස් පළ කළා.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා ‘‘ පසුගියදා පැවැති අරගලය නිසා රටේ ජනතාවගේ විනය නැති වුණා. අරගල තිබුණ එකෙන් මේ වනවිට රටේ අපරාධ වැඩි වෙලා.”

බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා ‘‘ඔව් ඒ ඔස්සේ අපරාධ වැඩි වී තිබෙනවා.”

ඇමති ප්‍රසන්න රණතුංග මහතා ‘‘ ඉක්මනින් පාසල්වල මේ සුපරික්ෂාකාරී කමිටු නැවත පිහිටුවන්න. මම අධ්‍යාපන අමාත්‍යාංශයෙනුත් ඒ ඉල්ලීම කරලා දිවයිනේ සියළුම පාසල් වල මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කීරීම සඳහා මැදිහත් වෙන්නම්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: