2026 අගෝස්‍තු 19, පෙ.ව. 12:16
අද දින රජයේ සේවයට අලුතින් එක්වන පිරිස සිය සේවා කාලය අවසානයේ විශ්‍රාම යන්නේ ද වත්මන් රජය යටතේම බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
රජයේ සේවකයන් සඳහා පත්වීම් ලිපි ලබාදීමේ උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, පවතින විවිධ අභියෝග සහ අර්බුද මධ්‍යයේ වුවද මෙම වසර පුරාවට බලශක්ති සැපයුම ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සුරක්ෂිත කිරීමට රජය නිසි කළමනාකාරීත්වයකින් යුතුව පියවර ගෙන ඇති බවයි.
“අද ඔබ රජයේ සේවයට බැඳෙන්නේ මේ රජය යටතේ. ඔබ වසර ගණනාවක සේවයෙන් පසු වයස අවුරුදු 55න් හෝ 60න් විශ්‍රාම යන විට ඔබේ EPF සහ ETF ප්‍රතිලාභ හිමිවන්නේ ද මෙම රජය යටතේමයි. එම ස්ථාවරත්වය කිසිසේත් වෙනස් වන්නේ නැහැ.”
රජය විසින් ගනු ලබන නිවැරදි කළමනාකරණ තීරණ හේතුවෙන් රටේ අනාගතය සහ රාජ්‍ය සේවයේ සුරක්ෂිතභාවය තහවුරු වී ඇති බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
2026 අගෝස්‍තු 20, පෙ.ව. 9:18
2026 අගෝස්‍තු 20, පෙ.ව. 9:10
2026 අගෝස්‍තු 20, පෙ.ව. 8:47
2026 අගෝස්‍තු 20, පෙ.ව. 8:44
2026 අගෝස්‍තු 20, පෙ.ව. 12:30
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
17-08-26
17-08-26
17-08-26
17-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26