hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 15, ප.ව. 6:33



ගාසා තීරයේ පවතින යුදමය වතාවරණය තුළ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන සැපයුම්වල අවිනිශ්චිතභාවය හේතුවෙන් මෙරට පවතින ඉන්ධන සංචිත ආරක්ෂා කර ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මේ සම්බන්ධයෙන් පසුගිය දා උපදෙස් ලබාදී ඇති අතර ඒ අනුව පවතින ඉන්ධන තොග මනා කළමණකරණ ක්‍රමවේදයකට යටත් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවා.

ඉදිරි මාස දෙකක කාලයකින් පසු රටේ දැනට පවතින ඉන්ධන සංචිත ආරක්ෂා කරගැනීම සඳහා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා බලශක්ති අමාත්‍යංශය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

යම් හෙයකින් යළිත් ඉන්ධන අර්බුදයක් ඇති වුවහොත් පෙර පැවැති QR කේත ක්‍රමය යළි ආරම්භ කරන්නේ ද නැතහොත් වෙනත් කළමණාකරන සැපයුම් ක්‍රමවේදයක් ක්‍රියාවට නංවන්නේ ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා මෙම සාකච්ඡා සිදුකෙරෙන බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් දැනට ඉන්ධන සම්බන්ධයෙන් කිසිදු ගැටලුකාරී තත්ත්වයක් මතුව නොමැති අතර ඉදිරියේ දී යම් අර්බුදයක් ඇති වුවහොත් ඊට පෙර සුදානමක් ලෙස යම් සැලසුමක් සකස් කරන ලෙස රජය අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

කෙසේවෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ සයිනෝපෙක් චීන ඉන්ධන සමාගම ද මෙරට මෙහෙයුම් කටයුතු සාර්ථකව සිදුකරන බැවින් ඉදිරියටත් අර්බුදයකින් තොරව ඉන්ධන සැපයුම පවත්වාගෙන යාමට හැකිවනු ඇති බවයි.

කෙසේවෙතත් ගෝලීය තත්ත්වයන්හි බලපෑම මත යම් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වන්නේ නම් පෙර දැනුම්දීමකින් පසු ඊට අදාළ කළමණාකරන ක්‍රමවේදයන් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව එම සංස්ථාව වැඩිදුරටත් පෙන්වා දුන්නා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: