hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 ජූලි 23, පෙ.ව. 7:45



අද(23) දිනයේදී දිවයිනේ සියලු දිස්ත්‍රික් ආවරණය වන ආකාරයෙන් තෝරා ගත් ඉන්ධන පිරවුම්හල්වලදී ජාතික ඉන්ධන අවසර පත්‍රයට ඉන්ධන ලබාදීම අත්හදා බලන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමවේදය ඊයේ (22) දිනයේත් කොළඹ ස්ථාන දෙකකදී සාර්ථකව අත්හදා බැලූ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළා.

පරීක්ෂණය අවසන් වූ පසු එය ජාතික මට්ටමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

අද (23) දිනයේ ඉන්ධන ලබාදීම සිදුවන්නේ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් අංකය 0,1 සහ 2 යන අංක සහිත රථවාහනවලටයි.

ඒ අනුව අද දිනයේ ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව ඉන්ධන ලබාදීම සිදු කිරීමට නියමිත ඉන්ධන පිරවුම්හල් පහතින්,