hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2025 පෙබරවාරි 17, පෙ.ව. 12:00



ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට අද (17) වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

ඒමේ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බවයි.

එමෙන්ම උතුරු, උතුරු මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදී ශීත කාලගුණයක් අපේක්ෂා කළ හැකි බවද එම නිවේදනයේ සඳහන්.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කලේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: