hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 02, පෙ.ව. 12:19



හදිසි මිල දී ගැනීම් අත්හිටුවා ලියාපදිංචි ඹෟෂධ පමණක් මෙරටට ගෙන්වන ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (01) ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව හා වෛද්‍ය සැපයුම් අංශය යන ආයතනවල සහ සෞඛ්‍ය අමාත්‍යංශය නිලධාරීන් සමග පැවති මාධ්‍ය සාකච්ජාවකදීයි.

ඔහු තවදුරට ත් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ, අත්‍යවශ්‍ය ම අවස්ථාවලදී පමණක් ලියාපදිංචි නොවූ ඖෂධ පිළිබඳව අවශ්‍ය දත්ත පරීක්ෂා කර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබා ගෙන මිල දී ගැනීම් සිදු කරන ලෙස ය.

එසේ ම, දැනට හිඟව පවතින ඖෂධ කඩිනමින් නියමිත ක්‍රමවේදය ඔස්සේ ගෙන්වීමට කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: