hit counter

2024 ඔක්‍තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්‍තෝබර් 09, ප.ව. 1:34



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නිමින් නව දේශපාලන පක්ෂයකින් මෙවර මහමැතිවරණයට තරඟ කරනවා.

ඒ පිළිබඳ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද(10) දිනයේ කොළඔ ටාජ් සමුද්‍ර හොටලයේ දී පැවැත් වුණා.

මේ සඳහා තිලකරත්න ඩිල්ෂාන් මහතාත් හිටපු අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතාත් එක්ව සිටියා.

එහිදී අදහස් දක්වමින් රංජන් රාමනායක මහතා ,

”අවස්ථා තුනකදී පාර්ලිමේන්තුවට පැමිණියද තුන්වෙනි අවස්ථාවේදී වසරක කාලයක් පාර්ලිමේන්තුවේ සිටිමට නොහැකි වුණා.යම්කිසි පිරිසක් විසින් මා පාර්ලිමේන්තුවට නොයා යුතු පුද්ගලයෙක් ලෙස ප්‍රජා අයිතිය අහෝසි කරලා තියනවා.පසුගිය ටිකේ හොයලා බැලුවම කොච්චිකඩේ මස්සිනගේ නිවසටත් ඡන්ද කාඩ් එක ඇවිත් තිබුණේ නැහැ….ජනාධිපති නීතිඥවරු කිහිපදෙනෙක් පැවසුවා ඡන්දෙට ඉදිරිපත් වෙන්න පුලුවන් බව.බොහෝ අය පැවසුවා දේශපාලනය කරන්න එපා කියලා.සමහර අය කිවුවා ක්‍රියාකාරී දේශපාලනය කරන්න අපි වෙනුවෙන් කතා කරන්න කියලා…..හොරු අල්ලන ක්‍රමය සඳාචාරාත්මක නෙවුනත් රටේ හොරකම් පිළිබඳ හෙලිවු නිසා නැවත පාර්ලිමේන්තුවට එන්න කියන යෝජනාව ආවා.තිත්ත ඇත්ත බෙල්ල ගහල ගියත් කෙලින් කතා කරන අයගේ හිඟයක් ලංකාවේ පාර්ලිමේන්තුව තුළ තියනවා.තවමත් මගේ හඩපට සියලු අන්තර්ජාලයේ තියනවා.හොරු අල්ලන්න මා කළ සංග්‍රාමය.මට නොයෙකුත් යෝජනා ආවා.ලංකාවේ මේ මොහාතේ තියන පක්ෂ වලින්…පක්ෂවල පැටිකිරිය ඒ පක්ෂවල සැලුන් දොර හරහා ඇවිත් තියන අපේක්ෂකයින්ගේ මුණු බැලුව මට හිතුණා මුන් ඔක්කොම හොරු මල්ලි කියලා මුන් එක්ක වාඩිවෙලා ඉන්නේ කියලා.ඒකට තියන හොදම විසදුම නවතම පිරිසිදු නැවුම් පක්ෂයකින් එන එක කියලා යොජනාවක් ආවා.අලුත්ම පක්ෂයකින් එන එක.අනිකුත් බෙහෝ පක්ෂවලින් මට සහතික දීලා තියනවා .විජිත හේරත් මහතා කියලා තියනවා රංජන් රාමනායක හොරෙක් නෙමෙයි.වංචාකරයෙක් නෙමෙයි.ඇත්ත කියලා හිරේ ගිය කෙනෙක් කියලා. සතුරු මිතුරු පක්ෂ වලින් මට දීපු සහතිකයක්.මගේ වත්කම් ජනතාව…මාගේ මේ ව්‍යායාම ජනතාවට හඩක් වෙන්න.අපි පොඩිකාලේ ඉදලා ඇහුවේ අපි දියුණූවෙමින් පවතින රටත් කියලා.1947නිදහස ලැබෙනකොට අපි දෙවනි වෙලා තිබුණේ ජපානෙට විතරයි.එංගලන්තෙටත් ණය දිපු රටත් තමයි මෙහෙම විනාශ කරලා තියෙන්නේ. අපේ හිටපු අය ඩොලර් බිලියන 97ක ණය කරුවො බවට අපිව පත් කරලා.”

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: