hit counter

2024 දෙසැම්‍බර් මස 06 වන සිකුරාදා

2024 ඔක්‍තෝබර් 23, පෙ.ව. 11:23



එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂ සැලුන් දොරවල් නොමැති බව එහි නායක, රංජන් රාමනායක මහතා පවසනවා.

ඒ අනුව සිය පක්ෂයට ඇත්තේ පෙනේරයක් පමණක් බවයි ඒ මහතා කියා සිටියේ.

මාතලේ ග්‍රෑන්ඩ් මවුන්ටන් හොටලයේ ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

සිය පක්ෂයට මෙවර විපක්ෂයක් පමණක් නිර්මාණය කළ හැකි බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තම පක්ෂයෙන් ඉදිරිපත්වීමට සැලසුම් කළ දූෂණයට, වංචාවට ගෑවුණු සියළුදෙනා අපේක්ෂකත්වයෙන් ඉවත් කිරීමට සිදුවූ බවයි රංජන් රාමනායක මහතා අවධාරණය කළේ.

ඒ අනුව තම පක්ෂය දිස්ත්‍රික් නවයකට පමණක් තරඟ කරන බවත්, මෙවර ආණ්ඩුවක් සෑදීමට බලාපොරොත්තු නොවුනද, විකල්ප පාලන ක්‍රමයක් සමග තම පක්ෂය ඊළග ආණ්ඩුව සෑදීමට සූදානම් බවත් ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: