hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 28, පෙ.ව. 8:17



ඇමෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීම සදහා විදේශ ගත වීමට ඊයේ (27) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි රන්ජන් රාමනායක මහතා ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබූ බව එම දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු ඒෂියන් මිරර් වෙත පැවසුවා.

ඊයේ රාත්‍රී 08.15 ට කටාර් ගුවන් ගුවන් සේවයේ කිව්.ආර්.- 655 දරන ගුවන් යානයට පිවිසීම සදහා ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

රන්ජන් රාමනායක මහතා පළමුවෙන්ම කටුනායක සිට කටාර් රාජ්‍යය වෙත ගොස් එතැන් සිට ඇමෙරිකාව බලා ගමන් කිරීමට සැළසුම් කර තිබූ බවයි වාර්තා වන්නේ.

ඔහුට එරෙහිව විභාග වන නඩු දෙකකටම අදාලව ගුවන් ගමන් තහනම් කිරීම් එම අධිකරණ මගින් පනවා ඒ බැව් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය තුළ ද ඇතුළත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඊයේ ගුවන් ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේ දී රන්ජන් රාමනායක මහතා ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබූ බව අප වාර්තාකරු පැවසුවා.

කටුනායක – ටී.කේ.ජී.කපිල





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: