2025 මැයි 11, පෙ.ව. 12:21
කොටහේනේ පාසල් සිසුවියක් සියදිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ටියුෂන් ආයතනයක් හිමි ව්‍යාපාරික නවරායනපිල්ලේ සිවානන්දරාජා ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර ඇත.
ඉන් ඔහු ඉල්ලා ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට හිතාමතා අපහාස කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ප්‍රචාරණයන් පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙසයි.
තමා ජාතික ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයකු බවත් එහි විධායක සභාවේ සාමාජිකයකු බවත් පවසන එනිසා දේශපාලන හේතූන් මත විපක්ෂය තමන්ට විශාල ලෙස මඩ ගැසීමට මෙම සිද්ධිය භාවිතා කර ඇති බවත් හෙතෙම පැවසීය.
තමන්ට චෝදනා එල්ල වන්නේ වෙනත් තරගකාරී ටියුෂන් ආයතනයක වුවමනාව මතදැයි සැකයක් ද පවතින බවත් ඔහු පැවසීය.
අදාල සිසුවිය එම ටියුෂන් පන්තියට පැමිණි අවස්ථාවේදී අසනීපයෙන් පසුවූ බවත් තමන් ඒ ගැන ඇයගේ දෙමව්පියන් ගෙන්වා ඒ පිළිබඳ සාකච්ඡා කිරීම හැර මේ සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඔහු පැවසුවේය.
2026 අගෝස්තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26