2024 අප්‍රේල් 28, පෙ.ව. 12:09
මෙරට දිළිඳු පවුල් සඳහා සහල් ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ හරහා පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත්වූ සහල් තොගයක් බෙදාදීමේ පුවතක් මුලතිව් කරෙයිදුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් වාර්තා වෙනවා.
කරෙයිදුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් බෙදා දුන් සහල් වල මෙම ගැටලුව මතුව තිබූ බව වාර්තා වෙනවා.
එහිදී සහල් සහනාධාරය ලබාගත් ජනතාව සහල් පරික්ෂා කිරීමේදී සහල් දුර්වර්ණ වී තිබීම හේතුවෙන් සිදුකළ වැඩිදුර පරීක්ෂාවේදී අනාවරණය වී ඇත්තේ එම සහල් තොගය 2024 මාර්තු මස 25 වනදායින් කල් ඉකුත්ව ඇති බවයි.
සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ කරෙයිදුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් එම්. උමාමගලි මහත්මිය පවසා සිටියේ සහල් සම්බන්ධයෙන් මේ වන විට පැමිණිළි කිහිපයක්ම ලැබි ඇති හෙයින් කල් ඉකුත් වූ සහල් ඇත්නම් අදාල සහල් වෙනුවට හොඳ තත්වයේ සහල් නැවත ලබාදීමට කටයුතු කරනා ලෙස මේ වනවිට නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි.
2025 ජනවාරි 14, පෙ.ව. 12:08
2025 ජනවාරි 14, පෙ.ව. 12:08
2025 ජනවාරි 14, පෙ.ව. 12:08
2025 ජනවාරි 14, පෙ.ව. 12:08
2025 ජනවාරි 14, පෙ.ව. 12:04
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
13-01-25
13-01-25
13-01-25
13-01-25
13-01-25
13-01-25
13-01-25
13-01-25
12-01-25
12-01-25
12-01-25
12-01-25
12-01-25
12-01-25
12-01-25
12-01-25
11-01-25
11-01-25