hit counter

2026 ජනවාරි මස 20 වන අඟහරුවාදා

2024 දෙසැම්‍බර් 05, පෙ.ව. 12:05



ඉදිරි සති දෙක තුළ රජය මෙරටට අවශ්‍ය සහල් තොග ආනයනය නොකළහොත් උග්‍ර සහල් හිඟයකට මුහුණ පෑමට සිදුවනු ඇති බව සමස්ත  ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති යූ.කේ. සේමසිංහ කියා සිටියේ සහල් හිඟය විසඳීම සඳහා රජය දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවය.

‘ආණ්ඩුව දිගුකාලීන විසඳුමකට යා යුතුයි. එසේ නොවුණහොත් රට තවත් අර්බුදයකට මුහුණ දෙනවා.

මෙම අර්බුදයෙන් ගොඩ ඒමට වී අලෙවි මණ්ඩලය යල කන්නයට වී මිලදී ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.

ඒ වගේම කෙටිකාලීන විසදුමක් ලෙස ඉක්මනින් සහල් ආනයනය නොකරන්නේ නම් වෙළෙඳපොළේ දැඩි සහල් හිඟයක් ඇති විය හැකියි’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: