hit counter

2026 ජූනි මස 11 වන බ්‍රහස්පතින්දා

2026 මැයි 30, පෙ.ව. 12:03



එකමුතුවක් නැති හතර අතේ නංදොඩවන නංනත්තාර කුල්ල කුජීත විපක්ෂයක් සිටින අවස්ථාවක මැතිවරණයක් තැබීමට දේශපාලන උපායෝපක්‍රම තෝරන ආණ්ඩුවක් ලෙස ඉතාම කැමති බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම පවසයි.

මේ අවස්ථාවේ හෙට මැතිවරණය පැවැත්විය හැකි නම් ඊට ආණ්ඩුව කැමති වුවද එහි නීතිමය ගැටලුවක් ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

විපක්ෂයේ පරණ ඔළු බක්කන් කල්ලිය ගොස් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලීමක් කර ඇතැයිද තමන්ද එම ඉල්ලීම කරන බවද රුවන් මාපලගම අවධාරණය කරයි.

එළඹෙන ජුනි 02 වෙනිදා රටේ සියලුම ග්‍රාම නිලධාරී කොට්ඨාශය සඳහාම සංවර්ධන ව්‍යාපෘතියක් ලබාදෙන ප්‍රජාශක්ති ව්‍යාපෘතිය ආරම්භ කරන පසුබිමක පළාත් සභා මැතිවරණය ආණ්ඩුව ඉතාම කැමති බවද හෙතෙම ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ස්වාධීන රූපවාහිනියේ දේශපාලන සංවාදයකට එකතු වෙමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: