hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 12, පෙ.ව. 12:06



නුවරඑළිය සදතැන්න සංචාරක කලාපයේ සිට හිරු උදාව සංචාරකයින්ට නැරඹීමේ අවස්ථාව ළඟදීම සළසා දෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා මේ බව කියා සිටියේ නුවරඑළිය සදතැන්න සංචාරක කලාපයේ හදිසි නිරික්ෂණ චාරිකාවක දී ය.

සදතැන්න (MOON PLAINS) නුවරඑළිය නගරයේ සිට කිමී 5 ක පමණ දුරකින් පිහිටි සදතැන්න සුන්දර සංචාරක කලාපයකි. නුවරඑළිය සීතාඑලිය බීජ අර්තාපල් ගොවිපළ පසුකර තවත් කි මී 3 ක් ගිය තැන සදතැන්න හමුවන අතර මෙම ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට අඩි 6200 ක උසකින් යුතු සදතැන්න අවට ප්‍රදේශය ම අංශක 360 ක දර්ශනය නැරඹීමට කදිම ස්ථානයකි.

ශ්‍රී ලංකාවේ උසම කදු මුදුන් 10 න් 9 ක්ම දර්ශනය වීම සදතැන්නේ විශේෂත්වයකි.

ස්භාවධර්මයේ අපුරු නිර්මාණයක් වූ සදතැන්න ප්‍රදේශය නැරඹීමට යා හැකි වන්නේ සීතාඑළිය බීජ අර්තාපල් ගොවිපළ අසලට පැමිණ ගමන් කිරීමෙනි. මෙහි ඇති මනස්කාන්ත භූමි දර්ශන මෙන්ම පාරිසරික සුන්දරත්වය ලංකාවේ කිසිදු ස්ථානයක දැකගත නොහැකිය.

එමෙන්ම එහි හිරු උදාව නිරීක්ෂණය සංචාරක ආකර්ෂණය ලබා ගත් අවස්ථාවක් වුවද විවිධ හේතු නිසාවෙන් ඒ සදහා ඇති පහසුකම් නොමැති බව ප්‍රදේශයේ සංචාරක ප්‍රවර්ධකයින් විසින් ආණ්ඩුකාරවරයා දැනුවත් කළා.

මෙම ප්‍රදේශයට සංචාරය කරමින් මෙම සංචාරක කලාපයේ පවතිව අඩුපාඩු පිළිබදව පැමිණ සිටි පිරිස සමගද සකච්ඡා කළ ආණ්ඩුකාරවරයා කියා සිටියේ සදතැන්න සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයින් සදහා අවශ්‍ය පහසුකම් ඇති කිරිමට කටයුතු කරන ලෙසයි.

රටක් ලෙස ආර්ථික වශයෙන් නැගි සිටිමට උත්සහ කරන මෙම අවස්ථාවේදි සියලු දෙනා භේද පසෙකලා ආර්ථික සමාජිය දියුණුව උදෙසා තම යුතුකම් සහ වගකිම් නිසි ලෙස වටහාගෙන කටයුතු කිරිම වැදගත් බව ද ලලිත් යු ගමගේ මහතා පැවසුවා.

මෙම සංචාරය සදහා මධ්‍යම පළාත් සංචාරක අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර නුවරඑළිය සීතාඑළිය බීජ අර්තාපල් ගොවිපළ නිලධාරී මහතුන් , සංචාරක ප්‍රවර්ධකයින්ඇ කිහිප දෙනකු ඇතුලු පිරිසක් එක්වි සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: