hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 26, පෙ.ව. 12:02



මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඒ ඉහළ දැමූ වතු සේවක වැටුප් ගෙවීමට නොහැකි වතු සමාගම්වල ගිවිසුම් අහෝසි කර වෙනත් සමාගම්වලට ලබාදෙන බවයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, රජය සතු වැවිලි ඉඩම් බදු ගත් වැවිලි සමාගම් 24 ක් පමණ ඇති බවයි.

ඒ අතරින් යම් අයෙකු මෙම වැඩිකළ මුදල ගෙවීමට නොහැකි බව පවසන්නේ නම් මුදල් අමාත්‍යාංශය විසින් ඒ බව සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ඔහු කියා සිටියා.

මේ බව ඒ මහතා සඳහන් කළේ අවිස්සාවේල්ල, දංගම්පල ප්‍රදේශයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ය.

මේ අතර, වතුකරයේ කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1700ක් ලෙස නියම කරමින් පසුගියදා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කෙරිණ.

මැයි දිනය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ නිවේදනය මැයි දිනයදා ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව වතු සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 1350 දක්වා ඉහළ යන අතර ඵලදායීතාව මත පදනම්ව රුපියල් 350 ක් හිමිවනු ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: