hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 අප්‍රේල් 23, පෙ.ව. 12:04



අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පවා සුදුසු පුද්ගලයෙක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායක මහතා පවසයි.                                                                                

මහනුවරදී ඊයේ (23) මාධ්‍ය හමුවේ අදහස් පල කළ ඒ මහතා කියා සිටියේ විජයදාස රාජපක්ෂ මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමයේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්ව කටයුතු කළ අයෙක් බවයි.                                                                                                                    

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද සඳහන් කළා.

“අපි මුල ඉඳලම කිව්වේ පක්ෂයෙන්  ඡන්දය ඉල්ලලා පාර්ලිමේන්තුවට ඇවිත් රජයට මුක්කු ගහලා ඇමතිකම් ගන්න එපා කියලයි. අපි පක්ෂයේ ස්ථාවරය එයයි. නමුත් විජයදාස රාජපක්ෂ මහතා පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලලා ඇමතිකමක් ගත්ත අයෙක්. දැන් එතුමා අපේ පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන වැඩ බලන සභාපති ධූරයට පත්වෙලා තියෙනවා. ව්‍යවස්ථාවට අනුවයි මේ හැමදේම සිදු වුණේ. මීට අභියෝග කරනවා නම් ඕන කෙනෙකුට අධිකරණයට යන්න පුළුවන්. අධිකරණයෙන් දෙන ඕනම  තීන්දුවක් අපි පිළිගන්නවා. විජයදාස රාජපක්ෂ මහතා අපේ පක්ෂයට ඇවිල්ලා මේ තනතුර ගත්තේ ලොකු අවදානමක්, අභියෝගයක් දරාගෙනයි. දැන් රජයෙන් එතුමාගේ ඇමති ධූරය ඉවත් කරන්න පුළුවන්. පොහොට්ටු පක්ෂයෙන්  එතුමාගේ මන්ත්රී ධූරය ඉවත් කරන්න උත්සාහ කරන්න පුළුවන්. විජයදාස රාජපක්ෂ කියන්නේ මේ රටේ අධිකරණ ඇමැති මේවා නොදැනගෙන නෙවෙයි එතුමා මේ තනතුර භාරගත්තේ. එතුමා ඒ අභියෝගවලට මුහුණ දෙයි. එතුමා අපේ පක්ෂයේ වගේම පොහොට්ටු පක්ෂයේ ව්යවස්ථාව ගැන හොඳටම දන්නවා. විජයදාස රාජපක්ෂ කියන්නේ තර්ජන වලට බයවෙන මිනිහෙක් නෙවෙයි. එතුමා අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කියලා අපි කොතනවත් කියලා නෑ. හැබැයි එතුමා ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු පුද්ගලයෙක්. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ විනය පිළිබඳ මූලිකත්වය දෙන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. මේ පක්ෂයට තමන්ටම ආවේනික වූ ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ ව්‍යවස්ථාවට අනුව කටයුතු කරනවා නම් ඒක නීති විරෝධී වෙන්නේ නෑ. ඒක අභියෝගයට ලක් කරනවා නම් කවුද හරි කියන එක අධිකරණයෙන්ම බේරගන්න වෙයි. පක්ෂයේ විධායක සභාව තමයි මේ පත්වීම කළේ . ඒක තමයි නීත්‍යනුකූල ක්‍රමවේදය. විධායක සභාව තමයි රජයේ අමාත්‍යවරයෙක් පක්ෂයේ වැඩ බලන සභාපති වශයෙන් පත් කළේ. ඒක කාටවත් වැරදියි කියලා කියන්න බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවුරුහරි පාර්ලිමේන්තුවේ හෝ පලාත් සභාවේ ඉන්නවා නම් ඒ අයට නිතැනින්ම පක්ෂ සාමාජිකත්වය හිමිවෙනවා. විධායක සභා රැස්වීමට මෛත්‍රිපාල සිරිසේන මහතා ආවේ ඒ නිසයි. එතුමා ඇවිත් සාමාන්‍ය විදියට අනිත් අය එක්ක හිටියා. දැන් එතුමාට තියෙන්නේ අධිකරණ වාරණයක්. ඉදිරියේදී මේ වාරණය අහෝසි වෙලා එතුමාට නැවතත් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කරන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ පලිගන්න පක්ෂයක් නෙවෙයි. ඒ නිසයි රජයේ අමාත්‍යධුර ගත්  කණ්ඩායමේ වගේම දයාසිරි ජයසේකරගේ පවා පක්ෂ සාමාජිකත්වය තහනම් නොකළේ. අපේම පක්ෂයේ ඇතැමුන් මේ වන විට පක්ෂය හතර අතේ අදින්න හදනවා. අපේ පක්ෂය  කාටවත් හේත්තු කරන්න අපි ඉඩ දෙන්නේ නෑ. මේ අර්බුද අවසන් වෙලා පක්ෂය නැවතත් පෙර පැවැති ස්ථාවර තත්ත්වයට ළඟදීම එනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: