hit counter

2026 අගෝස්‍තු මස 11 වන අඟහරුවාදා

2026 අගෝස්‍තු 12, පෙ.ව. 12:18



නිෂ්පාදන වියදම අඩු කරගෙන ගොවීන්ට ලාභය වැඩි කරගන්නා ක්‍රමවේදයක් පිළිබඳව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පසුගියදා ප්‍රකාශ කළා.

ඔහු මේ අදහස් ප්‍රකාශ කලේ පසුගියදා පැවති ජන හමුවක් අමතමින්.

ගොවි ජනතාව තම අස්වැන්නට සාධාරණ මිලක් ඉල්ලා වී කිලෝවක මිල ඉහළ දමන ලෙස උද්ඝෝෂණ සිදු කරන බව ඔහු එහිදී ප්‍රකාශ කළා.

එහෙත් සිදු කළ යුතු වන්නේ වී කිලෝවක මිල ඉහළ දැමීම වෙනුවට අක්කරයකින් ලබා ගන්නා අස්වැන්න ඉහළ නැංවීම බව නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.

එවිට නිෂ්පාදන පිරිවැය අඩු වන බවත් අස්වැන්න ඉහළ යාමෙන් ගොවියාගේ ලාභයද ඉහළ යන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

” ගොවි ජනතාව තමන්ගේ නිෂ්පාදනයට සාධාරණ මිලක් ඉල්ලලා තවමත් උද්ඝෝෂණ කරනවා. එතකොට ඒහොල්ලෝ හැමතිස්සේම වී කිලෝ එකේ මිල තමයි වැඩි කරන්න කියලා කියන්නේ. අපි උත්සහ ගනිමින් ඉන්නේ අක්කරයකින් ගන්න වී කිලෝ ගාන වැඩි කරන්න. අද වී කිලෝ දෙදහක් ගන්නවනම් අපි තව අවුරුදු තුනක් යනකොට මේක වී කිලෝ දෙදාස් පන්සීයක් තුන්දාහක් කරන්න පුලුවන්නම් අන්න අපේ නිෂ්පාදනය වැඩි වෙලා ඒ මත නිෂ්පාදන වියදම අඩු වෙලා ලාභය වැඩි වෙනවා. එතෙන්ට තමා අපි යන්න ඕනේ “





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: